- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.00 ට පෙර පාසලට පැමිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය.
- පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් ගුරුවරැන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
- උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසුවන් ගුරුවරැන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
- සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක නොසිටිය යුතුය. අවශ්‍යතාවත් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
- පාසල් වේලාව තුල කවර වෙනත් සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
- පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ.
- පාසලේ හා පන්තිකාමරයේ උපකරණ රැකගත යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි